NEWSNOW | – දින 12 කට පසු ඉරාන – ඊශ්‍රායල යුද්ධය තාවකාලිකව අත්හිටුවමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි චෝදනා එල්ල වෙයි.
මීට පැය කිහිපයකට පෙර සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කළ අතර ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ නිසා සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.
ඒ අනුව ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා තිබේ.
ඊශ්‍රායලය මීට පෙර ඉරානය සමඟ සටන් විරාමයක් සඳහා වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවට එකඟ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ට්‍රම්ප් සටන් විරාමය දැන් ක්‍රියාත්මක වන බව පැවසූ අතර එය උල්ලංඝනය නොකරන ලෙස දෙපාර්’ශවයම ඉල්ලා සිටි බවයි.
ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කිරීමෙන් පසු දකුණු බෙර්ෂෙබා නගරයේ අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බව නිවේදනය කළේය.