ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු සොයා ගැනේ

0
112

NEWSNOW| –    පවතින දරුණු යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු සොයා ගත් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය රෝහිංග්‍යා ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවය.

ඒ අනුව මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය පැවසුවේ මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුද අයත් බවය.

මේ අතර මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යංශය සඳහන් කළේය.