NEWSNOW| – නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය, ආදරය හා ගෞරවය දිනාගෙන සිටින Sriyani Dress Point ආයතනය සිය සේවක සේවිකාවන් ඇගයීම සඳහා ” Sriyani Dress Point වර්ණ රාත්‍රිය – 2025″ පසුගියදා කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී Sriyani Dress Point සභාපති මාරියපිල්ලේ සෙල්වරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
පාරිභෝගික ජනතාව වෙනුවෙන් සුහදශීලී, විශ්වාසනීය හා උසස් සේවාවක් ලබා දෙමින් ආයතනික අරමුණු හා ඉලක්ක කරා ගමන් කිරීමට කැප වූ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් මෙම වර්ණ රාත්‍රිය සංවිධානය කර තිබිණි. පහළ ශ්‍රේණියේ සිට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දක්වා සේවක සේවිකාවන් ආයතනික කැපවීම මත විවිධ කාණ්ඩ යටතේ තෝරාගෙන ඇගයීමට සහ උපහාරයට ලක් කෙරිණි.
මෙම වර්ණ රාත්‍රියේ දී ඉහළ කාර්ය සාධන අලෙවිය, හොඳම කළමනාකරු, හොඳම ප්‍රදර්ශනාගාර කළමනාකරු, හොඳම පාරිභෝගික සේවා සහකාර, ඉහළ විකුණුම් ප්‍රවර්ධනය, නායකත්වය, හොඳම ගබඩා මෙහෙයුම් කළමනාකරු, හොඳම ශාඛාව ඇතුළු විවිධ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රධානෝත්සවය සිදු කෙරිණි. Sriyani Dress Point සන්නාමය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කිරීමට වසර විස්සකට අධික කාලයක් කැපවී ක්‍රියා කළ සේවක සේවිකාවන් ඇගයීම හා උපහාරයට ලක් කිරීමද මෙහි දී දැකිය හැකි වූ සුවිශේෂත්වයකි.
වසර තිස් දෙකකට අධික කාලයක් පාරිභෝගික හදවත් දිනාගත් Sriyani Dress Point ශ්‍රී ලාංකීය නිමි ඇදුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ සන්නාමයක් ලෙස කෑගල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ, මීගමුව, රත්නපුර යන නගරවල සිය ප්‍රදර්ශනාගාර පවත්වාගෙන යනු ලබයි. Sriyani Dress Point පිරිමි, කාන්තා සහ ළමුන් සඳහා පුළුල් පරාසයක නිමි ඇඳුම්, පාවහන්, ආලේපන, ගෘහ උපකරණ ඇතුළු උපාංග පිරිනමයි. 2,000 කට අධික සේවක සේවිකාවන් පිරිසක් සිය පාරිභෝගිකයින්ට මිත්‍රශීලී සේවාවන් සැපයීමට සමාගම කැපවී සිටියි.
”ශක්තිමත් කළමණාකරනයකින් හා ආයතනික ව්‍යුහයකින් සමන්විත ශ්‍රියානි ඩ්‍රේස් පොයින්ට් ආයතනය වසර 32 කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගනමින් ශක්මතිමත් ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙන බවත් ඉදිරියටත් එම පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව සභාපති මාරියපිල්ලේ සෙල්වරාජ් මහතා ප්‍රකාශ කරයි.
1993 වර්ෂයේ දී සේවකයින් 08 දෙනෙකුගෙන් ඇරඹි මෙම ව්‍යාපාරය වර්තමානය වන විට 2,000 කට අධික තරුණ තරුණියන් පිරිසක් සෘජු රැකියා වල නිරත වන අතර අඩු ආදායම්ලාභී පවුල් වල තරුණ පිරිස් සඳහා රැකියා අවස්ථා ලබා දෙමින් ජාතික ආර්ථිකයට සිය දායකත්වය ලබා දීමට හැකි වී තිබෙන බව ඒ් මහතා පැවසීය.
ව්‍යාපාරයේ සාර්ථකත්වය පිටුපස සිටින සේවක සේවිකාවන්ගේ කැපවීම අගය කරමින් සේව්‍ය – සේවක සබඳතා ගොඩනගමින් නව සංස්කෘතියක් ඔස්සේ පාරිභෝගික ජනතාව තුළ ශක්තිමත් බැඳීමක් ගොඩ නැගීම සිය අපේක්ෂාව බව මාරියපිල්ලේ සෙල්වරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.
කළමණාකාර අධ්‍යක්ෂකවරුන් වන එස්. වසන්ති, එස්.මදුෂිකා, එස්. දිනුෂිකා, එස්.සබ්‍රජිත් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සමාජිකයින් හා ආයතනයේ සේවක සේවීකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.