බදුල්ලේ තවත් බස් අනතුරක්. තිදෙනෙක් මරුට

0
168

NEWSNOW| –   බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.

අද (21) පස්වරු 6ට පමණ සිදුවූ මෙම අනතුරකින් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට අනුරාධපුරය දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.

ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.