ත්‍රස්තවාද වැලැක්වීමේ පනත පිළිබඳ පුත්තලමේදී විද්වත් දේශනයක්

0
30

NEWSNOW | –  පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන කරුණු ඇතුළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දුන් විද්වත් දේශනයක් පසුගියදා (19) පුත්තලම නගරයේ පිහිටි කාසිමියා ආරාබි විදුහල් ශාලාවේදී පැවැත්වුණි.

එය පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් සංවිධානය කර තිබූ අතර මෙම සම්මන්ත්‍රණය ජාතික සාම සභාවේ දායකත්වයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන ජාතික සාම මණ්ඩලයේ සම්බන්ධීකාරක ජසානියා ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙහි ප්‍රධාන දේශනය ජාතික මානව හිමිකම් කවුන්සිලයේ පුත්තලම දිස්ත්‍රික් භාර නිලධාරී නීතිඥ අබුල් කලාම් මහතා විසින් පවත්වනු ලැබීය. ඔහු එහිදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ අඩංගු කරුණු පිළිබඳව මෙම වැඩසටහනට සහභාගී වූ පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සාමාජිකයින් ඇතුළු අරධිතයින්ට හොඳ අවබෝධයක් ලබා දුන්නේය.

පසුගිය කාලවල එම පනත හරහා අසාධාරණයට ලක්වූ කිහිප දෙනෙකුගේ විස්තර පැහැදිලි කරමින් මෙම පනත නිසා සියළුම ජාතීන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය වීම පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් කළේය. ඉතාම සාර්’ථකව පැවති මෙම සම්මන්ත්‍රණයේදී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම රැකගැනීම තම ප්‍රධාන අරමුණක් ලෙස කටයුතු කරන රටකට, මෙවැනි ආකාරයට මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ පනතක් අවශ්‍ය නොවන බවට මෙම සම්මන්ත්‍රණය මගින් පැහැදිලි වුණි.

මේ පනත තවදුරටත් ක්‍රියාත්මක නොකර වහාම අහෝසි කළයුතු බවද මෙහිදී සාකච්ඡා කෙරුණි. මෙම සම්මන්ත්‍රණය සඳහා ජාතික සාම මණ්ඩලය අනුග්‍රහය දැක්වූ අතර පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධීකාරක මුස්නියා මහත්මිය ප්‍රමුඛ සාමාජිකයෝ එය සංවිධානය කිරීමට දායකත්වක ලබා දුන්හ.

විශේෂයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යනු කුමක්ද?, එහි අඩංගු කරුණු ප්‍රජාතන්ත්‍රවාදයට කොතරම් බලපෑමක් සිදු කරන්නේද යන්න පිළිබඳව පැමිණ සිටි යට මනා අවබෝධයක් ලබා දුන් ඉතා සාර්’ථක වැඩසටහනක් බව ඊට සහභාගී වූවෝ පැවසූහ.

මෙම වැඩසටහනට පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ පුජ්‍ය බුද්දියාගම රතන හිමි, පුජ්‍ය පොළොන්නරුවේ සීලරතන හිමි, ඇල්බට් රාජ් පියතුමා, අශ්ශේයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා සහභාගී වී සිටියහ.