පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්’ජනය කල්යයි

0
112

NEWSNOW | –  අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්’ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්’ජනය ක්‍රියාත්මක කිරීමට සුදානම් විය.

නමුත් අද පෙරවරුවේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැය 3ක පමණ කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්පසුව මෙම තීරණය ගත් බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්, කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසීය.

මෙහිදී ඉල්ලීම් 11ක් ඉදිරිපත් කර ඇති අතර, ඉන් ඉල්ලීම් 7කට ආසන්න ප්‍රමාණයකට පිළිගත හැකි විසඳුම් හිමිවූ බව ද දුමින්ද ප්‍රසාද් මහතා කියා සිටියේය.