කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර බෝට්ටු සේවාව යළි ආරම්භ වෙයි

0
111

NEWSNOW | – අයහපත් කාලගුණයත් සමඟ නතරකර තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු යළි ආරම්භ කර තිබේ.

පසුගිය 13 වනදා සිට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම මගී ප්‍රවාහන සේවාව නවතා දමා තිබුණි. යළිත් ඊයේ (18) දිනයේ එම සේවාව ආරම්භ කර ඇත.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කළේය.

මේ අනුව පසුගිය කාලය තුළ තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටටද 108 දෙනෙකු කන්කසන්තුරේ සිට තමිල්නාඩුවටද පැමිණ ඇත.