NEWSNOW | – ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්’යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඊට හේතුව උද්ගතව ඇති යුදමය තත්ත්වය බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
මේ අනුව වෙනත් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බව පාර්’ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුද තුවාල ලබා ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන්නන් වන අතර තානාපති කාර්’යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා පාර්’ලිමේන්තුවට පැවසුවේය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ “ඊශ්‍රායලයේ රැකියාවලට යවන එක අපි තාවකාලිකව නවත්වලා තියෙන්නේ. නිවාඩු ඇවිල්ලා ඉන්න අයටත් අවස්ථාවක් නැහැ ආපහු යන්න. අපි වීසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඊශ්‍රායලයට යන එකත් අනතුරුදායකයි. ඊශ්‍රායලයට යන්න ගිහිල්ලා ඩුබායි එයාර්පෝට් එකේදී 10 දෙනෙක් හිටියා අපි ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඊශ්‍රායලයේ රැකියා කරන අයව මෙරට ගෙන්න ගන්න ගුවන් යානයක් යවන එක අසීරු කටයුත්තක්. කොහොම වුණත් අපි නිරන්තරයෙන් තානාපතිවරුන් සමග ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්’ග අරගෙන තියෙනවා.”