මෙරට රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ ඉංජිනේරු උපදේශන කටයුතු ඇරඹේ

0
12

NEWSNOW | – මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

මෙම DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් ඇතුලු වෘත්තිකයින් නිල වශයෙන් මෙහිදී පිළිගන්නා ලදි. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා අතිනවීන 4K ඩිජිටල් ස්ටුඩියෝ සංකීර්’ණයක් ද ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, සෑම ශ්‍රී ලාංකික රූපවාහිනී නරඹන්නෙකුට ම අධි විභේදන (HD) නැරඹීමේ අත්දැකීමක් ලබා දීමෙන් වසර 46 කට වඩා පැරණි ඇනලොග් විකාශන පද්ධතිය ඩිජිටල් විකාශන වේදිකාවකට සංක්‍රමණය වනු ඇත. ඩිජිටල් පද්ධතියේ ඉහළ වර්’ණාවලි කාර්’යක්ෂමතාව හරහා එකම වර්’ණාවලිය තුළ අමතර රූපවාහිනී නාලිකා සඳහා විශාල ධාරිතාවක් වැඩිදියුණු කිරීමට එය ඉඩ සලසයි. මේ අනුව නරඹන්නන් සඳහා උසස් තත්ත්වයේ ඩිජිටල් නැරඹුම් අත්දැකීමක් සහ විකාශකයින් සඳහා කරදරයකින් තොර තාක්ෂණික මෙහෙයුම් ලබාදෙනු ලැබේ.

මීට අමතරව මෙහි තවත් ප්‍රධානතම වාසියක් වන්නේ, මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමග නිදහස් වන සංබ්‍යාත පරාසය, ප්‍රධාන වශයෙන් 700Mz Band එක, 5G තාක්ෂණය ශ්‍රි ලංකාවේ ප්‍රවර්ධනය කිරීමටත් එමගින් ග්‍රාමීය ප්‍රදේශ වලට broadband අන්තර්’ජාල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුලු විදුලිසංදේශ සේවාවන් පුළුල් කිරීමටත් යොදාගැනීමට හැකියාව ලැබීමයි.

DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් නිල වශයෙන් පිළිගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල්ජාසිංහ මහතා විසින් සිදු කරන ලද අතර, DTTB ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රසංග රාජපක්ෂ මහතා DTTB ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ විකාශන අංශයට එහි උපායමාර්’ගික වැදගත්කම පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙහිදී සිදු කරනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාවේ විකාශන අංශයට මෙන්ම ඩිජිටල් ආර්’ථික මුලපිරීම්වල වර්’ධනය සඳහා දිගුකාලීන අපේක්ෂාවක් වූ සහ පරිවර්’තනීය මුලපිරීමක් වන ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතියේ තාක්ෂණික මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරින් මුල් බැසගත් මිත්‍රත්වය සහ සහයෝගීතාවය නැවත තහවුරු කිරීමේ දී වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසී ය.

මෙම අවස්ථාවට මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්’ෂණ සුරියප්පෙරුම, ඩිජිටල් ආර්’ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ලංකාවේ ජපන් තානාපති කාර්’යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කමෝෂිඩා නාඕකි, ජපානයේ Yachiyo ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන උපදේශක නම්බු නාඕකි, මෙරට JICA ව්‍යාපෘතියේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කැලුම් විජේනායක මහතා ඇතුලු පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් පිරිසක් එක්ව සිටියහ.