NEWSNOW | – ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) දිනයේ පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
මේ නිසා කල් ඇතිව ජලය එක්රැස් කර තබා ගන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.
ඒ අනුව හෙට උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරෙනු ඇත.
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපානු ඇත.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදුවන බවත් ජල පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවයට කණගාටුව පල කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.