NEWSNOW| – සම්බුද්ධ ශාසනය මෙරට පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අදයි .(10)
මෙරට බුදු දහම ස්ථාපිත කිරීම පිණිස මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කළේ අදවන් පොහොය දිනකය.
අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළහ.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද අදවන් පොහොය දිනක සිදුවූ තවත් සුවිශේෂී සිද්ධියකි.
මේ සියලු සිද්ධීන් සිහිපත් කරමින් සමර පොසොන් පොහොයේදී මෙරට බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල යෙදෙති. විශේෂයෙන් රටපුරාම පන්සල්වල ශීල ව්‍යාපාර පැවැත්වෙන අතර දන්සැල්ද රටපුරා පැවැත්වේ.