NEWSNOW| – මේ වන විට පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්’තා වීම වැඩි වශයෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ මහතා පැවසුවේ බස්නාහිර පළාත තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝග වැඩි වශයෙන් පැතිරෙන බව අනාවරණය වී ඇති බවය.
චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමානය.
එනම් උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය ඇතිවන බවත් මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් ලබා දෙයි.
එමෙන්ම චිකුන්ගුන්යා රෝගයේදී වැඩි වශයෙන් ඇඟපත වේදනාව ඇතිවන බැවින් වේදනාව අවම කිරීමට වේදනා නාශක ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙසත් එසේ ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රථිපල ඉතා දරුණු විය හැකි බවත් ඒ අනුව උණ සහ වේදනාව අවම කර ගැනීම සඳහා හැකි සෑම විටම පැරසිටමෝල් භාවිතයට ගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.