ජිනීවා ගිය කම්කරු නියෝජ්‍ය ඇමති යළි දිවයිනට

0
53

NEWSNOW | –   ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 113 වැනි වාර්ෂික මහා සභා සැසි වාරයට සහභාගී වීම සදහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර වෙත ගොස් සිටි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (08)  පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම මහා සභා සැසි වාරය ජුනි මස 02 වනදා සිට 13 වන දින දක්වා පැවැත්වේ.

මෙම සැසි වාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වීම සදහා වෘත්තීය සමිති නියෝජිතයන්, හාම්පුතුන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම රජය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු 11 දෙනෙකු සහභාගී වී තිබුණි.

එහිදී ලෝක කම්කරු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටළු මෙන්ම , ආයතන තුළ දී සිදු වන ජීව විද්‍යාත්මක අකරතැබ්බයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කර තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව ඉකුත් 2022 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරයෙකු විසින් , ” ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය යොදා ගැනීම ” , පිළිබද වාර්තාවක් සාකච්ඡා වට භාජනය වී ඇති අතර , එහිදී ශ්‍රී ලංකා නියෝජිතයන් එයට පිළිතුරු දෙමින් , “අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතාමත් අල්ප වශයෙන් මෙරට තුළ ළමා ශ්‍රමය ” භාවිතාවට ගනිමින් සිටින බව ප්‍රකාශ කර තිබේ.

එසේම ළමා ශ්‍රමය භාවිතා කිරීම තුරන් කිරීම සදහා අවශ්‍ය නීති මේ වනවිට පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී  පෙන්වා දී තිබුණි.

(ටී.කේ.ජී. කපිල – කටුනායක)