NEWSNOW | – ඉදිරි දින වල විශේෂයෙන් ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම කාලය තුළ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වනු ඇත.
මේ නිසා කාලගුණ අංශය ලබාදෙන පණිවිඩ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වනු ඇත.