NEWSNOW| – මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යි.
ඉස්ලාමීය දින දර්ශනය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී හජ් සැමරුම මෙලෙස පවත්වනු ලබයි.
ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහෙන් එකක් වන හජ් වන්දනාව මෙලෙස පවත්වනු ලබන අතර හජ් වන්දනාවේ නොයෙදෙන අය උපවාසයේ නිරත වෙමින් මෙම කාලය තුළ වැඩි වැඩියෙන් දෙවියන්ට සමීප වෙමින් දෙවියන්ගේ විශ්වාසය වැඩි කර ගැනීමට කටයුතු කරයි.
විශේෂයෙන් සියළු මුස්ලිම්වරු අතර ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.
සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවයි.