පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ වර්ජනය දෙවන දිනටත්

0
14

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම පැවසුවේ වර්ජනය අද උදෑසන 8ට අවසන් වීමට නියමිතව තිබුණද පසුව එය තවත් පැය 24කට දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

ඒ ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව ගත් තීරණයකට අනුවය.

මේ අතර බොහෝ රෝහල් වල කටයුතු ඊයේ සහ අද දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව රෝහල් බලධාරීන් පවසයි.

වෛද්‍ය පරීක්ෂණ , රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඔවුහු පෙන්වා දෙති.