2025 ලෝක රූ රැජින කිරුල තායිලන්තයට

0
26

NEWSNOW| – ඉන්දියාවේ තෙලන්ගානා හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද(31) පස්වරුවේ පැවති 72 වන ලෝක රූ රැජින අවසන් මහා තරඟයේදී 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවාය.

මෙහි දෙවන ස්ථානය ඉතියෝපියාවටත්, තෙවන ස්ථානය පෝලන්තයටත්, සිව්වන තැන

1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ මෙවර 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී පසුගිය 07 වනදා ආරම්භ විය.

මෙවර  තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටි අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.

ඒ අනුව අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙස මෙම මහාද්වීප වෙන්කර තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වූ අනුදි ගුණසේකරට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

නමුත් මේ දක්වා ඇය ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යමින් රටට ලබාදුන් ගෞරවයට නිව්ස්නව් අපි ඇයට සුබ පතමු.