කොට්ටාරමුල්ල ජුම්මා මසීදයේදී සහජීවනය ගොඩනැගීමේ වැඩසටහනක්

0
16

NEWSNOW | –   නිදා පදනමේ ජංගම සහජීවන ව්‍යාපෘතිය යටතේ, කොට්ටාරමුල්ල ජුම්මා මස්ජිදයේ දී “අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු” යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් පසුගිය 29 වනදා පවත්වන ලදී. මෙම වැඩසටහන කොට්ටාරමුල්ල ජුම්මා මස්ජිදය සහ නිදා පදනම එක්ව සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ විවිධ ජාතීන් අතර ඉස්ලාම් ධර්මය පිළිබඳව පැවති සැකයන් සහ වැරදි මත නිරාකරණය කිරීම සහ එම ධර්මය පිළිබඳව නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ඇති කිරීමයි.ඒ ඔස්සේ සාමකාමී සහ සමෘද්ධිමත් රටක් ගොඩනඟා ගැනීමට දායක වීමයි.

මෙම වැඩසටහනට, මතුගම අධ්‍යාපන කලාප කාර්යාලයේ ගුරු මණ්ඩලය, කොට්ටාරමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරිවරුන්, ග්‍රාම නිලධාරිවරුන්, උපදේශක හෙදිවරියක්, සහ ප්‍රදේශවාසී ජනතාව ඇතුලු 60ක් පමණ සහභාගී වී සිටියහ.