ටෙඩිබෙයාස්ලා තුළ සඟවා ගෙන ආ කොකේන් කිලෝ 10ක් අල්ලයි

0
56

NEWSNOW | –  කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්’යන්තයේදී අද (30) අලුයම සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබේ.

එම වැටලීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්’යාංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්ව සිදු කර ඇත.

එහිදී එම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතික කාන්තාව අත්අඩංගුවට පත්විය. 38 හැවිරිදි ඇය, ස්වයං රැකියාවක නිරත තායිලන්ත ජාතික කාන්තාවකි.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයාස්ලා තුනක සඟවාගෙන රැගෙනවිත් තිබුණි.