ප්‍රදේශ රැසකට පැයට කිලෝමීටර 50 – 60 තද සුළං

0
21

NEWSNOW | – දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 50-60) ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 30-40) ක් පමණ විය හැකි බවයි එම දෙපාර්’තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇති වේ.

උතුරු – මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශය කියයි.