පෝලන්ත විදේශ ඇමති දිවයිනට

0
105

NEWSNOW | – පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්’ස්කි මහතා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද(28) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඔහු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඔහුව පිළිගනු ලැබීය.

යුරෝපා සංගමයේ කවුන්සිලයේ පෝලන්ත සභාපති ධුරය ද නියෝජනය කරන අමාත්‍ය සිකෝර්ස්කි මහතා, අද දින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කළ සහයෝගීතාව ගවේෂණය කිරීමයි.