හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලෙන් මැගසින් බන්ධනාගාරයට

0
103

NEWSNOW | – රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරයට මාරු කර තිබේ.

සැත්කමක් කර ඇති දුමින්ද දිසානායක මහතා අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමු කෙරුණි.

නමුත් ඉන්පසුව දුමින්ද දිසානායක මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර ඇති බවය.

වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රත්‍රං ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.