අපරාදකරුවෙකුට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ්

0
134

NEWSNOW | – සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අපරාධකරුට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත මින් පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්දව සිදුකල විමර්ශනයේදී මේ සම්බන්ධව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද එහි ප්‍රධාන සැකකරු ලෙස කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට චෝදනා එල්ල විය.