දොස්තර ආලා අල්-න–පාර්’ගේ ශෝකය ලොව අවදි කිරීමේ අවසාන ඇමතුම වේවා!
(වේරා බාබවූන් – චිලී රාජ්‍යයේ සේවය කරන පලස්තීන තානාපතිනිය විසිනි)
දොස්තර ආලා අල් න–ජාර් යනු හුදුවේ ගාසා තීරයේ විනාශයට පත් ලේඛනවල සඳහන් තවත් එක් නමක් පමණක් නොවේ. ඇය විනාශ කරනු ලැබ ඇති ගාසාවෙහි ආත්මයයි.
ළමා රෝග විශේෂඥවරියක්, දරුවන් දස දෙනෙකුගේ මවක් සහ තීරයේ නොනවතින ප්‍රචණ්ඩත්වයෙන් තුවාල ලැබූ අසංඛ්‍යාත දරුවන්ට ජීවනාලියක්ද වූ දොස්තර න–ජාර් ජීවිත බේරා ගැනීම සඳහාම ජීවත් වු උතුම් තැනැත්තියක් වුවාය. පසුගිය දින ඇය තම දරුවන් නිවසේ රඳවා නසාර් වෛද්‍ය සංකීර්’ණයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය සඳහා ගියාය. පැය කිහිපයකට පසු, එම රෝහලේ මෘත ශරීරාගාරයේ ඇගේම දරුවන් සත්දෙනෙකුගේ අප්‍රාණික හා පිළිස්සුණු සිරුරු හඳුනා ගැනීමට ඇයට සිදු වුණි. ඇයගේ එම දයාබර දරුවන් වයස 12 සිට අවුරුද්දකටත් අඩු වයසේ සිටි බිළිඳෙකු දක්වා වුහ.
ඛාන් යුනිස් නගරයේ පිහිටි දොස්තර ආලා අල් න–ජාර්’ගේ නිවසට ඊශ්‍රායේල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ විටය එම නොදරුවන් කුරිරු ලෙස ඝාතණය වුයේ. මෙම දරුවන් අතරින් 11 හැවිරිදි ආදම් පමණක් බේරුණේය. දොස්තර ආලා අල් න–ජාර්’ගේ සැමියා වන දාස්තර හම්ඩි ආලා අල් න–ජාර්’ එම ප්‍රහාරය නිසා බරපතල තුවාල ලබා සිටී. ඊශ්‍රායලයේ එක් ප්‍රහාරයකින් පවුලක්ම අළු බවට පත් වූ අතර, තුවාල සුව කරන්නියකගේ හදවත නැවත එක් කළ නොහැකි ලෙසින් තුවාල වී ගොසිණි.
මෙය ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක් නොවේ. මෙය වර්’තමානයේ ගාසා තීරයයි. තවද මෙය ලොව විසින් පාලනය නොකළ, අමානුෂික හමුදා ආක්‍රමණයක දරාගත නොහැකි ප්‍රතිඵලයයි. ආලා න–ජාර් යුවලගේ එම දරුවන් මුහුණක් නැති හුදු සංඛ්‍යා නොවේ. ඔවුන්ට නම් තිබුණි. නිවසේ සෙල්ලම් බඩු මෙන්ම සිත්වල සිහින තිබුණි. තවද ඔවුන් ලොව අන් ළමුන් සේම නිවසේ බිත්ති මත චිත්‍ර ඇඳගෙන තම නිවසේ සතුටින් එහා මෙහා සුව පැන සෙල්ලම් කරමින් සිටි සුරංගනාවන් වුහ. ඔවුන් කිසිවෙකුට බරක් නොවුහ. ඔවුන් ආදරය කරනු ලැබු දරුවන් වුහ. කෙටියෙන් ඔවුන් ජීවත් වීමේ අයිතිය ඇති මනුෂ්‍යයෝ වූහ. ඔවුන් කළ එකම වරද තම රට ආපසු දෙන මෙන් කුරිරු යුදෙව්වන්ගෙන් ඉල්ලා සිටින විරුවන් සිටින පලස්තීනයේ ඉපදීමයි.
යුදෙව්වන්ට පමණක් කළ හැකි මෙවන් අමානුෂික ක්‍රියා සාධාරණීකරණය කළ හැකි සදාචාරාත්මක මිණුම් දණ්ඩක් ලොව කෙහෙිවත් නැත. මෙම සංහාරය සාධාරණීකරණය කළ හැකි තර්’කයක් ඊශ්‍රායලයට නොමැත. මෙම ඝාතණ යුදෙව්වන් සිදු කරන්නේ සිය ආරක්ෂාව සඳහා නොවේ. මෙය පලස්තීනයේ පවුල්, අනාගතය ඇතුලු එම ජනතයාගේ පැවැත්මේ අයිතිය මිහි තලයෙන් ක්‍රමානුකූලව මකා දැමීමේ අමානුෂික කුමන්ත්‍රණයකි.
දොස්තර න–ජාර් යනු ශෝකයේ ගිලි සිටින මවක් පමණක් නොවේ. ඇය ගාසා තීරයේ බිඳුණු හදවතේ ප්‍රතිමූර්තියයි. ඇගේ වෘතාන්තය වැනි වෘතාන්ත ගාසා තීරය පුරා පැතිරී ඇත. එනමුත් ඇගේ අහිමි වීම, එහි කෲරත්වයේ ගැඹුර දැන් ඇති’ යැයි ලෝකය විසින් ඊශ්‍රායලයට බල කරන මොහොත උදා කිරීමට පිටුවහල් විය යුතුය.
හෘදය සාක්ෂිය විසින් සිරුරු ගණනය කිරීම නවත්වන්නට පෙර තවත් පවුල් කීයක් ජීවත්ව සිටින අයගේ නම් ලේඛනයෙන් අතුරුදහන් විය යුතුද? තවත් වෛද්‍යවරුන් කී දෙනෙක් අන් අයව බේරා ගැනීමට භාවිතා කළ දෑතින්ම තමන්ගේම දරුවන් භූමදානය කරනු ඇතිද?
සුන්බුන් තුළ අනාගතයක් නැත. කුසගින්නෙන් ආරක්ෂාවක් නැත. කුඩා දරුවන් සමූහ වශයෙන් භූමදාන කිරීමේදී යුක්තියක් නැත. සිදුවෙමින් පවතින්නේ පළිගැනීමක් නොවේ. එය සමූලඝාතනයකි. උපාය මාර්’ගිය මෙහෙයුමක් නොව විනාශයකි.
දොස්තර න–ජාර් මෙන්ම ඇයගේ දරුවන්ගේ නම් අප හඬ නගා කිව යුතුය. එමෙන් ඊශ්‍රායලයේ මෙම භීෂණය නොකඩවා ක්‍රියාත්මක කිරීමට ඉවහල් වු ජගත් නිහඬතාවය සහ ව්‍යාජ හේතු දැක්වීම් මෙන්ම නිර්ල–ජී ගෝලීය දේශපාලන නපුංසකත්වය බිඳ දැමීමට එම උදාර මවගේ සහ දරුවන්ගේ ඛෙදජනක කතාව යොදා ගත යුතුය.
රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස නොව, මෙම පෘතුවි තලයේ එකට වාසය කරන සිත් පිත් ඇති මනුෂ්‍ය්‍යන් ලෙසින් ලොව සෑම රජයකටම, සෑම ආයතනයකටම, සෑම පුරවැසියෙකුටම අපි ආයාචනා කරමු. ඊශ්‍රායලයේ මෙම මිලේච්ඡ භීෂණය නැවතිය යුතුය. හෙට නොව අද, දැන්ම නැවතිය යුතුය.
දිවි ගලවා ගත් දොස්තර න–ජාර්’ගේ එකම දරුවා ආදම් ඉතිරිව ඇති දේවල අගය මෙන්ම මිලියන සංඛ්‍යාත පලස්තීන ජීවිත බේරා ගැනීට අපට තවමත් ඇති හැකියාව ලොවට කියා පාන සාධකයක් කර ගනිමු.
ගාසාවෙහි සිවිල් වැසියන්ට එරෙහිව ගතවුනු වසර දෙකකට වැඩි කාලයක් ඊශ්‍රායලය සිදු කරමින් සිටින කුරිරු සමුල ඝාතනය සහ එය හමුවේ ලොවේ කන් බිහිර කරන නිහඬතාවය සඳහා තවත් සාක්‍ෂි සාධක හෝ සංවේගජනක කතා පුවත් අවශ්‍ය නැත. ගාසාවට වහාම අවශ්‍ය වන්නේ ක්‍රියාවයි.
දොස්තර න–ජාර්’ගේ අනුවේදනීය කතා පුවත ගාසාවෙන් අප අසන එවන් අවසන් කතා පුවත වේවා. පලස්තීනයේ සිටින දොස්තර න–ජාර් වැනි මව්වරුන් සහ ආදම් වැනි දරුවන්ගේ නාමයෙන් ඊශ්‍රායලයේ මෙම නොමිනිස් ක්‍රියාවලිය අවසන් වේවා.