NEWSNOW | – පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරුවේ සිට වර්’ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමිනි.
සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්’ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්’මවික්‍රම මහතා පැවසීය.
ඉදිරියේ දී මෙම වැඩවර්’ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තීය සමිති සහය පළකිරීමට තීරණය කර ඇති බව ද චානක ධර්’මවික්‍රම මහතා සඳහන් කළේය.
මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.