මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන එයි

0
27

NEWSNOW| –  අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තැන්පත් කර ඇත .

ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ සිට හෙට(26) දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී  තිබේ.

මේ අතර මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි ප්‍රවීණ රංගන ශිල්පි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ ඇයගේ වියෝවය සිංහල සිනමාවට පිරවිය නොහැකි අඩුවක් බවය.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණි.

1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවිය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබේ.