කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

0
103

NEWSNOW| –   කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ පිළිබඳව මීට දින කීපයකට පෙර දැනුම් දුන් අතර ඒ අනුව අද පෙරවරුවේ 8 සිට එය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

කොළඹ 1 සිට 15 දක්වා මෙන්ම කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.