කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

0
109

NEWSNOW| –  ලබන 25වන ඉරිදා පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ පිරිසිදු කිරීමේ කටයුත්තක් හේතුවෙනි.

මේ නිසා ඉරිදා දිනයේ බොහෝ දෙනෙක් නිවසේ රැදී සිටින බැවින් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.

25 වනදා ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ, වන්නේ කොළඹ 1 සිට15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව,IDH,මහරගම,දෙහිවල, ගල්කිස්ස,රත්මලාන සහ මොරටුව