අධිවේගී මාර්’ගයේ ගාස්තු ගෙවීමට කාඩ් භාවිතය අද සිට ඇරඹේ

0
124

NEWSNOW | – අධිවේගී මාර්’ගවල මුදල් ගෙවීමේදී ඒ සඳහා කාඩ්පත් භාවිතය අද(21) සිට ආරම්භ කෙරේ.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්’යක්ෂම ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් නව්‍යකරණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මූලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩි පිළිවෙළට අනුව මෙය ක්‍රියාත්මක කරයි.

ප්‍රවාහන, මහාමාර්’ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්’ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්’ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්’ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මෙලෙස මුදල් ගෙවීම් සිදු කළ හැකි බවය.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීමේ ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වේ.