දියවැළකට හසුවීමට ගිය විදෙස් ජාතිකයන් දෙදෙනෙක් බේරා ගනී

0
31

NEWSNOW | –  කොටවිල පොලිස් වසමේ මිරිස්ස මුහුදු තීරයේ ඊයේ (20) පස්වරුවේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී දිය වැළකට හසුව ගසාගෙන ගොස් තිබේ.

සිටියදී වෙරළ තීරයේ රාජකාරීයේ යෙදී සිටි මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර හා පොලිස් කොස්තාපල් 105268 සිසිර යන නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී ඇත.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 20 ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවකි.