NEWSNOW| – තරුණයෙකුට පහරදුන් බව කියන පෞද්ගලික උපකාරක පංති ගුරුවරිය අද(14) අධිකරණයට භාරවී තිබේ.
අදාළ පහරදීමේ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු නැමති මෙම ගුරුවරිය ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට ඇත.පසුව අද දිනයේ මෙලෙස අධිකරණය වෙත පැමිණ තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා හා කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔවුන් දෙදෙනාව අද දිනයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබූ අතර එහිදී හයේශිකා ප්‍රනාන්දු ද නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්විය.
අදාළ පහරදීමේ සිද්ධියට සැකපිට තවත් දෙදෙනෙකුද අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව සැකකාර හයේශිකා ප්‍රනාන්දු සහ සැකකරුවන් සිව්දෙනාට ඇප නියම කර තිබේ.
සැකකරුවන් අධිකරණයට රැගෙන යන අවස්ථාවේ ප්‍රහාරයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ හිතමිතුරන් මීගමු අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයකද නිරතවිය.


