NEWSNOW | – පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් අද (14) පස්වරුවේ මාර්ගය හරහා පෙරළී අනතුරක් සිදුව තිබේ.
මේ හේතුවෙන් තලවකැලේ – නුවරඑලිය මාර්ගයේ ගමනාගමන කටයුතු කිරිමැටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බව වාර්තාවේ.
මෙම බවුසරය කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600ක් ප්‍රවාහනය
කෙසේ නමුත් බවුසර් රථයේ ටැංකි කොටස පෙරළීමෙන් ඇති වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් පෝලිම්වල රැඳී සිටිමින් ඩීසල් සහ පෙට්‍රල් ගන්නා අයුරුද දැකගත හැකිවිය.
කෙසේ නමුත් කාන්දු වෙමින් පවතින ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරුකිරිමට පියවර ගෙන ඇත.
අනතුර පිළිබඳව නානුඔය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.