NEWSNOW | – ඩොලර් මිලියන 6,531 ක් ලෙසින් 2025 මර්තු මස සටහන් වු ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ විනිමය සංචිතය 2025 අප්‍රේල් වන විට ඩොලර් මිලියන 6,326 දක්වා පහත වැටී ඇත. මෙය වනාහි ඩොලර් මිලියන 205 ක ක්‍ෂය වීමකි. මෙම ක්‍ෂය වීම වාර්තා වී ඇත්තේ මහ බැංකුව විසින් මුල්‍ය වෙළඳපොළෙන් ඩොලර් මිලියන කිහිපයක් මිලදී ගෙන තිබුණු තත්වයක්ය.
මෙයට ආසන්න තත්වයක් සටහන් වුයේ 2024 ඔක්තෝම්බර මාසයෙහිය. එවිට විනිමය සංචිතය ලෙසින් අප සතුව තිබුනේ ඩොලර් මිලියන 6,472 කි. මෙසේ සිදු වුයේ පසුගිය විනිමය අනුපාත කප්පාදුවට පෙර, පුද්ගලික ණය ඉහළ යාමත් සමඟ ඇතැම් මුදල් අනුපාත (Call Money Ratres පහත හෙළීම සඳහා මහ බැංකුව විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ විටය.
මුද්‍රිත මුදල් ගනුදෙනු පළමු කාර්තුවේදී අවසන් කරනු ලැබුවද, හරණය නොකළ ඩොලර් මිලදී ගැනීම් (Unsterilized
Dollar Purchases) වලින් ද්‍රවශීලතාවයක් ගොඩනැගීමක් සිදුවිය.
බැංකු පද්ධතිය පුරා ගොඩ ගැසෙන හරණය නොකළ ඩොලර් මිලදී ගැනීම් නිසා නිර්මාණය වන අතිරික්ත ද්‍රවශීලතාවය, දේශීය ණය සඳහා බැංකු විසින් භාවිතා කරනු ලබන එකතු නොකළ‘ විදේශ සංචිත පිළිබිඹු කරයි. එමඟින් ආනයන වැඩි වන අතර ඒ අනුව ඉදිරි සතිවලදී ඩොලර් මිලදී ගැනීමට මහ බැංකුවට ඇති හැකියාව අඩු වනු ඇත.
රජය ණය ආපසු ගෙවීම් සිදු කළ යුතු අතර ගෙවීම් පැහැර හැරීමේ අර්බුදය මගහරිමින් ණය ප්‍රතිශතය යටපත්ව තබා ගැනීමට මෙන්ම ආනයන වෙනුවෙන් මුල්‍ය පහසුකම් සැපයීම උදෙසා, ඉන්දියාවෙන් ගත් ස්වකීය ණය ගෙවීමටද මහ බැංකුවට සිදු වනු ඇත.
කෙසේ වෙතත්, අතීතයෙහි විනිමය අනුපාත අඩු කිරීම සඳහා ගනු ලැබූ ණය ආපසු ගෙවීම නිසා මෙන්ම දීර්ඝ ශුද්ධ ජාත්‍යන්තර සංචිතය දීර්ඝ කිරීම ආදිය නිසා මහ බැංකුවේ නිල දළ සංචිතය පහත වැටෙනු ඇත. මහ බැංකුවේ නිල ශුද්ධ විදේශ වත්කම් නොවෙනස්ව තිබුනද හෝ එය පහත වැටුනද මෙම තත්වයේ වෙනසක් සිදු වන්නේ නැත. මෙහි සැලකිය යුතු කරුණ නම් විදේශ ආයෝජකයන් සහ අදාල අනෙක් පාර්ශව විමසිලිවත්ව සිටින්නේ මෙම නිල ශුද්ධ විදේශ වත්කම් දත්ත ගැනය.
රජයේ බැංකුකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ණය ආපසු ගෙවීම සඳහා රජයට ඩොලර්ද සපයන නමුත් අවධමන ප්‍රතිපත්තියක් (Deflationary Policy) (හෙවත් මිලදී ගැනීම් හරණය නොකරන විට විනිමය අනුපාතය මඳ වශයෙන් ඉහළ අගයක තබා ගැනීමට අතිරික්ත ද්‍රවශීලතාවය ඉවත් කිරීම) නොමැතිව මිලදී ගත් ඩොලර් සැලකිය යුතු කාලයක් සඳහා රඳවා ගන්නට මහ බැංකුවට හැකියාවක් නොමැත.
රජයට විදේශ විනිමය සඳහා වෙළඳ කවුළුවක් (Forex Exchange Desk) නොමැති නිසා, මහ බැංකුවක් විසින් මෙහෙයවනු ලබන අවධමන ප්‍රතිපත්තියට මහා භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම ප්‍රාණ ඇපකරුවෙකු වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.
ප්‍රතිපත්ති අනුපාතය සහ විවෘත වෙළඳපොළ මෙහෙයුම් සැලසුම් කිරීමට පෙර සියවස් ගණනාවක් තිස්සේ එක්සත් රාජධානියේ මහ බැංකු (මෙන්ම මුදල් මණ්ඩල) මෙම කාර්යයන් ගැටලුවකින් තොරව ඉටු කිරීමට සමත් වුහ.
එනමුත් වර්ධනය උනන්දු කිරීම හෝ නම්‍යශීලී උද්ධමන ඉලක්ක හඹා යාමට දුගීන්ට පනවා ඇති උද්ධමන බද්ද ඉහළ දැමීම ආදිය වැනි තමන්ගේම දේශපාලන අරමුණු සඳහා නූතන යුගයේ මහ බැංකුවක් අනුපාත අඩු කිරීම ආරම්භ කළ විගසම සංචිත එකතු කර මහජනතාවට තාත්විකව මුදල් සැපයීමේ හැකියාව අවදානමට ලක් වේ.
ඉතා පටු හෝ තනි ප්‍රතිපත්ති අනුපාතයක් යටතේ, රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හරහා ණයට ගන්නා මෙන්ම විදේශ විනිමය සඳහා හුවමාරු කරන සෑම රුපියලක්ම ද්‍රවශීලතා පහත වැටීමකට සහ තනි ප්‍රතිපත්ති අනුපාතයේ වැඩිවීමකට තුඩු දෙන බැවින් ගැටළුව උග්‍ර විය හැකිය.
එවිට තනි ප්‍රතිපත්ති අනුපාතය අඩු කිරීම සඳහා බැංකු පද්ධතියට රුපියල් සංචිත එන්නත් කරමින් මුදල් මුද්‍රණය කිරීමට සිදුවනු ඇත. මෙය අත්‍යන්යෙහි විදේශ සංචිත එක් රැස් කිරීමට අවශ්‍ය විරල සංචිත තන්ත්‍රය බිඳ දමනු ඇත.
2025 වසරේ මුල් මාස දෙක තුළ, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කරන්නට යෙදුනු තත්වයක රජයේ ණය ගැනීම් අඩු වී ඇත. එමඟින් පුද්ගලික ණය ගැනීම් සඳහා වැඩි ඉඩක් ලැබී ඇති අතර එය දළ සංචිත ප්‍රවණතා මත පදනම්ව, එකතු කරන ලද සංචිත ණය ආපසු ගෙවීමට යන්තම් ප්‍රමාණවත් එසේ වුවද, අප්‍රේල් මාසයෙහි තනි ප්‍රතිපත්ති අනුපාතය බිම් අනුපාතයට (Floor Rate) වඩා ඉහළ අගයක් ගත් නිසා ඩොලර් මිලදී ගැනීම්වලින් හරණය නොකළ ද්‍රවශීලතාවය පවත්වා ගැනීමට හැකි විය.
2015 සිට 2019 දක්වා, තනි ප්‍රතිපත්ති අනුපාතයේ (මැද-කොරිඩෝර ඉලක්ක කිරීම ඵසා ගැටළුව සහ සංචිත රැස් කිරීමට ඇති නොහැකියාවේ අභියෝග, ක්‍රියාකාරී වගකීම් කළමනාකරණ නීතිය (Active Liability Management Law) ඇතුළුව අධික විදේශ ණය ගැනීම් මගින් ජය ගන්නා ලදී.
එවිට, සෑම ස්ථායිකරණ අර්බුදයෙන් පසු පෞද්ගලික ණය යථා තත්ත්වයට පත් කරනා ලෙසින්, දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලදී ගැනීම මගින් විදේශ රටවලින් ණය ගැනීමට මෙන්ම එම ණය ආපසු ගෙවීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු පොලී අනුපාත පවත්වා ගැනීමට සහ විදේශ ණය ආපසු ගෙවීමට පිහිට වු ශ්‍රේණිගත කිරීමේ අවකාශය භාවිතයේ තිබුණි.
විදේශ ණය ගැනීම් හරහා අනුපාත යටපත් කිරීමට ශ්‍රී ලංකාවට ඇති ශ්‍රේණිගත කිරීමේ අවකාශය නොබෝ කලකින්ම නිම වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් එවිට අනතුරු අඟවමින් සිටියහ.
2025 වන විට ශ්‍රී ලංකාවට තවදුරටත් අනුපාත පාලනය කරමින් ණය ආපසු ගෙවීමට විදේශ රටවලින් ණය ගැනීමට හෝ උද්ධමනකාරී විවෘත වෙළඳපොළ මෙහෙයුම් (බහුල සංචිත තන්ත්‍රය) හරහා තනි ප්‍රතිපත්ති අනුපාතයක් ඉලක්ක කරමින් අනුපාත දැඩි ලෙසින් ඉලක්කගත කිරීම ලිහිල් වු විට රැස් කරන ලද සංචිත අහිමි කර ගැනීමට ශ්‍රේණිගත කිරීමේ අවකාශය නිමා වී ගොස් ඇත.
නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය සහ දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තිය යනු සම්භාව්‍ය ආර්ථික මූලධර්ම ප්‍රතික්ෂේප කරන ව්‍යාජ සංඛ්‍යානමය මූලධර්ම බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත. විශේෂයෙන් තථ්‍ය ලෙස නියම කරන ලද පාලන තන්ත්‍රයක් වන සංචිත එකතු කිරීමේ මහ බැංකුවක සන්දර්භය තුළ මෙසේ වන බව ඔවුන් පවසති. මෙය හියුම්, රිකාඩෝ සහ ස්මිත් පමණක් නොව ඔවුන්ට පෙර කැන්ටිලන්ද පැහැදිලි කළේය.
බහුල සංචිත පාලනයක් යටතේ එක්සත් ජනපදය පවා ණය . නලවමින් සිටිනු’ දැකිය හැකිය.
නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය සහ දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තිය යටතේ, පෙර අර්බුදවලින් පෞද්ගලික ණය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව පිට පිටම මුල්‍ය අර්බුදවලට මුහුණ දුන් අතර ඉන් පසුව ඇති වූ ස්ථායීකරණ අර්බුද වර්ධනය විනාශ කර විභව ප්‍රතිදානය අඩු කළේය, එයද පසුගාමී දත්ත මත පදනම් වූ සංඛ්‍යානමය ගොඩනැගීමකි.