“වෛද්‍ය ශාෆිගේ අසාධාරණයට එරෙහි අරගලය” කෘතිය එළිදැක්වීම හෙට

0
101

NEWSNOW | –  අෂ්රොෆ් ෂිහාබ්ඩීන්ගේ ” වෛද්‍ය ශාෆිගේ අසාධාරණයට එරෙහි අරගලය” කෘතිය එළිදැක්වීමේ උත්සව හෙට පස්වරු 4ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් ශාලාවේ දී පැවැත්වේ.

මුලසුන සඳහා Abrar පදනමේ සභාපති, ළමා රෝග පිළිබඳ උපදේශක, වෛද්‍ය රයීස් මුස්තාෆා මහතාද, ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්-හාජ් හනීෆ් යූසුෆ් මහතාද, ගෞරවනීය ආරාධිතයා ලෙස එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ජනාධිපති නීතිඥ අල්-හාජ් ෆයිස් මුස්තාපා මහතාද, විශේෂ අරාධිතයා ලෙස බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අල් හාජ්. එම්. අසාත් එස් සාලි මහතාද සහභාගී වේ.

පොත පිළිබඳව විචාරාත්මක දේශනය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සුමයියා ෂෙරිෆුදීන් මහත්මිය සහභාගී වෙයි.

පොත සහ ඉන් ඔබ්බට යන මැයෙන් දේශනය පැවැත්වීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අසීස් මහතා විසිනි.

පිළිගැනීමේ දේශන ආචාර්ය ෂාෆි ෂිහාබ්දීන් මහතා විසින් සිදු කරනු ලබයි.

ඔබ සැමට ආරාධනා!