ඉන්දීය ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් පකිස්තාන හමුදා විනාශ කරයි

0
130

NEWSNOW | – දේශ සීමා උල්ලංඝනය කරමින් පැමිණි ඉන්දීය ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් පාකිස්තාන හමුදාව විසින් ​​වෙඩි තබා බිම හෙළා ඇති බව එරට මාධ්‍ය පවසයි.

අසාද් කාශ්මීරයේ බිම්බර් ප්‍රදේශයේදී පාකිස්තාන හමුදාව විසින් මෙම ඩ්‍රෝන යානය නිරීක්ෂණය කර පසුව වෙඩි තබා බිම හෙලා ඇත.

පකිස්ථාන හමුදාවේ සුපරීක්ෂාකාරීත්වය, වෘත්තීය විශේෂඥතාව නිසා ඉන්දීය ඔත්තු බැලීමේ උත්සාහයට ව්‍යර්’ථ කළ බව පකිස්තාන හමුදාව පවසයි.

පකිස්ථාන හමුදාව සැමවිටම සතුරාගේ ඕනෑම ආක්‍රමණයකට සුදුසු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද හමුදා කියයි