NEWSNOW | – කැනේඩියානු මහ මැතිවරණයෙන් ජයගැනීමට මාර්’ක් කර්’නි ගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත් වෙයි.
ඒ අනුව කන්සර්’වේටිව් නායක පියරේ පොයිලිවර් කාර්’නිගේ ලිබරල් පක්ෂයට පරාජය හිමි විය.
තවමත් ඡන්ද ගණන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන ලෙස හඳුන්වන මැතිවරණ දිස්ත්‍රික්ක 164ක ලිබරල් පක්ෂය පෙරමුණ ගෙන ඇති අතර කොන්සර්වේටිව් පක්ෂය ආසන 147ක් ලබා ගෙන ඇත.
කුඩා පක්ෂයක සහාය නොමැතිව ආණ්ඩුව පාලනය කිරීමට ඉඩ සලසන බහුතරයක් සඳහා ලිබරල් පක්ෂයට පොදු මන්ත්‍රී මණ්ඩලයේ ආසනවලින් 172ක් දිනා ගැනීමට අවශ්‍ය වේ.