NEWSNOW | – මහනුවර නගරයට පැමිණි බෞද්ධ ජනතාව වෙනුවෙන් වැසිකිලි පහසුකම් ලබාදීමට මහනුවර නගරාසන්නයේ පිහිටි සියළු මුස්ලිම් පල්ලි විවෘත කර දුන් එම පල්ලි වල පාලනාධිකාරියට බෞද්ධ ජනතාවගේ ප්‍රශංසාව හිමි විය.
ඒ අනුව දළදා ප්‍රදර්’ශනය අවසන් වූ පසු එම මුස්ලිම් පල්ලි වල තිබූ වැසිකිලි විෂබීජ නාශක යොදා සෝදා පවිත්‍රකර දීමට Human Heart Organization සාමාජිකයින් සහ නුවර තරුණ පිරිසක් ඊට දායකත්වය ලබාදී තිබේ.
මේසා විශාල ජනතාවක් මහනුවර නගරයට පැමිණි අවස්ථාවේ ඇතැම් පන්සල් පවා විවෘත නොකළ මොහොතක මහනුවර මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලාංකිකයින් යන හැඟීමෙන් සිංහල ජනතාව වෙත දිගුකල මානුශීය දෑත් මේ තරම් යැයි කිව නොහැකි තරම් ප්‍රශන්සනීයයි. එම නිසා Human Heart Organization සාමාජිකයින් සහ නුවර තරුණ ප්‍රජාව මුස්ලිම් පල්ලි වල මවුවිතුමන්ලා සමග කතා කර ඔවුන්ට ස්තූති කිරීම තුලින් ඔවුන් අප වෙනුවෙන් කල ඒ උතුම් සත් ක්‍රියාවට අගය එකතු කරන්නක් විය.
ඒ දළදා වන්දනාවේ පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට වැසිකිලි පහසුකම්, නවාතැන් පහසුකම්, ආහාර පවා ලබා දුන් මුස්ලිම් පල්ලි 05හි පාලනාධිකාරියත් සමඟ මෙම තරුණ පිරිස කතා කිරීමේදී හෙළිව ඇත්තේ ඇතුම් විට ඔවුන්ගේ ආගමික ආචාර ධර්’ම, නීති, රීතී පවා අපට ලබාදුන් සේවය නිසාවෙන් කැඩුණු බවයි. විශේෂයෙන්ම ඔවුන් පල්ලියක් තුළට ඇතුළු වන්නේ අත් පා සෝදා ඉතාම පිරිසිදු බවකිනි. නමුත් මෙම අවස්ථාවේදී එම නීති පවා නොතකමින් ප්‍රදර්’ෂණය අවසානය දක්වාම අප බෞද්ධ ජනතාවට දැක්වූ මෙම සහයෝගය අති විශිෂ්ටයි.
ඔවුන් ලබාදුන් පහසුකම් සිංහල ජනතාව භාවිතා කර තිබූ ආකාරය පිළිබඳව ඇත්තේ කලකිරීමකි. නමුත් ඒ බව දන දැනත් මනුෂ්‍ය අවශ්‍යතා හිරකර තබාගෙන වන්දනාමාන කිරීමට නිකි බව දන්නා මුස්ලිම් ප්‍රජාව මෙලෙස දැක්වූ උපකාරයට බෞද්ධ ජනතාව සදා ණය ගැතිය.
කෙසේ වුවත් මෙලෙස ඔවුන්ගේ පල්ලිවල වැසිකිලි පද්ධතිය කිසියම් හෝ පිරිසක් විසින් පිරිසිදු කරවී යන්න ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයකි. පිරිසිදු කිරීමෙන් අනතුරුව මෙම තරුණ පිරිසට ආහාර පාන වලින් සංග්‍රක කර යැවීමට තරම් අපේම සහෝදරයින්ගේ හදවත් පොහොසත් වීම ගැන ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයින් ලෙස අප සතුටු විය යුතුයි.
ඉදිරි වැඩසටහන් වලදීත් ජාතීන් අතර මේ සහෝදර බැඳීම පවත්වාගෙන යාමට මේ ආරම්භය අපි හැමෝටම ශක්තියක් වේවි!