යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) දිවයිනට පැමිණීමට නියමිතය.
ඒ යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය.
දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන මැයි මස 07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එහිදී දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
2024 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 3 ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය මෙරට දෙවන විශාලතම අපනයන ගමනාන්තය බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

