NEWSNOW | – කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවකදී මෝටර් රථයක් කඩා වැදී මිනිසුන් යටකර ගෙන යාමේ සිද්ධියක් වාර්’තා විය.
මෙම අනතුරි මිය ගිය ගණන11දක්වා ඉහළ ගොස් තිබේ.
කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ උත්සවයකදී මෙම අනතුර සිදු විය.
ජනතාව අතරට අදාළ මෝටර් රථය ධාවනය කරවූ 30 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව සඳහන් වේ.
සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් තවදුරටත් ප්‍රතිකාර ලබයි.