මෙවර උසස් පෙළ විශිෂ්ටයන්

0
21

NEWSNOW| –  2024 උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළ සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත්වූවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තාව වන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මෙවර ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිටි සිසුන් අතුරින් පළමු තැන හිමි කර ගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිති නිම්තාරා හෑගොඩ ආරච්චි සිසුවියයි.

එම විෂය ධාරාවෙන් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කල්පා විදුසරනී ශිෂ්‍යාව චංචල ආතල් සමත්විය

තෙවන ස්ථානය හිමි වූයේ යාපනයේ හින්දු විද්‍යාලයේ ජමුනානන්දා ප්‍රනවන් ශිෂ්‍යයාටය.

භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳ රන්සර කුමාරගේ සිසුවා සමත් ව ඇති අතර එහි දෙවන ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විදුහලේ කන්දදාසන් දාසරාත් සිසුවා විසින් හිමිකර ගෙන තිබේ. එමෙන්ම එහි තෙවන ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විදුහලේ තෙවිඳු දිල්මිත් දහනායක සිසුවා විසින් හිමිකර ගැනීමටද සමත්ව ඇත.

වාණිජ විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ අමාශා දුලාරි සිසුවිය විසින් සමත්වූ අතර එහි දෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඉඳුවර සන්හිත කුමාරපේලි සිසුවා විසින් ද, තෙවන ස්ථානය නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ලෙසඳි උතාරා පෙරේරා ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය විසින් දිනාගත් අතර එහි දෙවන ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිනෙත්මි මෙතන්ගා ජනකාන්ත සිසුවිය ද තෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඉසුරි අංජලිකා පීරිස් ශිෂ්‍යාව ද හිමිකරගෙන ඇත.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද විද්‍යාලයේ කාව්‍ය රවිහංස සිසුවා විසින් හිමිකරගෙන ඇති අතර එහි දෙවන ස්ථානය රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ උෂාන් මලිත් ජයසූරිය සිසුවා විසින්ද තෙවන ස්ථානය හික්කඩුව නාගස්දෙණිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ පසිඳු මදුසංක සිසුවා ද හිමිකර ගැනීමට සමත්ව තිබේ.

ජෛව පද්ධති විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය සදලංකාව ජාතික පාසලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ මහීෂා පතීරණ ශිෂ්‍යාව විසින්ද තෙවන ස්ථානය ගම්පහ රත්නාවලි මහා විද්‍යාලයේ චමෝදි හංසිකා ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.