සිරි දළදා වන්දනාවේ අදින් අවසන්

0
20

NEWSNOW| –  අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දෙමින් ආරම්භ කළ ‘සිරි දළදා වන්දනාව’ අදින් අවසන් වීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

පසුගිය 18වනදා සිට අද දින දක්වා පුරා දින 10ක් මෙම දළදා ප්‍රදර්ශනය පැවැත් වුණි.

ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ‘සිරි දළදා වන්දනාව’ සදහා අවස්ථාව හිමිවූ අතර තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වේ.

මේ අතර මහනුවර නගරයේ එක්රැස්වී ඇති කසළ ඉවත් කිරීම ඇතුළු නගරය ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහන් අද පස්වරුවේම ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සදහන් කළේය.