සෞදි සංචාරය නවතා අගමැති මෝඩි යළි පැමිණෙයි

0
41

NEWSNOW | – සෞදි අරාබියේ දෙදින සංචාරයක් සඳහා ගිය අගමැති මෝදි හදිසියේ අද(23) සිය මව්බිමට පැමිණි බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඒ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් දිස්ත්‍රික්කයේ බයිසරන් නිම්නයේ සංචාරක ස්ථානයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙනි.

ඔහු ගුවන්තොටුපළේදීම ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව හදිසියේ හමුවී රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙම රැස්වීම අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා යන මහත්වරුන්ගෙන් සමන්විත ආරක්ෂක කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවේදී වැදගත් සාකච්ඡා පැවැත්විණි.

දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සහ පේරු හි සංචාරයක යෙදී සිටින මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද සිය සංචාරය කෙටි කර සහභාගී වනු ඇත.

ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ නේපාලයේ පුරවැසියන් ඇතුළු 26 දෙනෙකු මිය ගියහ.

2019 දී පුල්වාමා ප්‍රහාරයෙන් පසු කාශ්මීරයේ සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙයයි.