කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉතාලිය බලා පිටත් වෙයි

0
27

NEWSNOW | – කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, ඉතාලිය බලා අද (23) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්’ය භාර නිලධාරීවරයා පවසයි.

ඒ ඉතාලියේ රෝමයේ පැවැත්වෙන ස්වර්’ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීම සඳහාය.

උන් වහන්සේ අද උදෑසන 09.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිතය.