තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

0
134

NEWSNOW | – තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහාද මෙමගින් පහසුකම් සලසා ඇති බව කොමිෂන් සභාව පැවසුවේය.

මෙම මැතිවරණ ‘e’ සේවාව වෙත eservices.elections.gov.lk යන යොමුව මඟින් පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකි වේ.