ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය සම්බන්ධයෙන් මෙරට සර්’ව ආගමික නායකයින්ගේ ශෝකය

0
31

NEWSNOW | – බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සර්’ව ආගමික නායකයින් වන පූජ්‍ය ආචාර්’ය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, ආචාර්’ය ශිව ශ්‍රී බාබු සර්’මා කුරුක්කල්, අල්-හජ් අශ්-සෙය්යිද් ආචාර්’ය හසන් මවුලානා අල්-කාදිරි සහ ආචාර්’ය නිෂාන් සම්පත් කුරේ පියතුමා, වතිකානුවේ ශුද්ධෝත්තම අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය සම්බන්ධයෙන් බලවත් ශෝකය ප්‍රකාශ කරයි.

ආගමික සහජීවනයට සහ ජාත්‍යන්තර සමගියට ගරු කරන ආගමික නායකයෙකු ලෙස ලෝකයේ අන්තර් ආගමික සහ ජාත්‍යන්තර සමගිය ගොඩනැගීමට ඔහු කළ සේවය අගය කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමය ශක්තිමත් කිරීම සඳහා විවිධ ආකාරවලින් කටයුතු කර ඇති බව අන්තර් ආගමික නායකයෝ සඳහන් කළහ.

වතිකානුවේ පාප් වහන්සේ ලෙස කටයුතු කරන කාලය තුළ ජාත්‍යන්තර සමගිය සහ ආගමික සංහිඳියාව ප්‍රවර්’ධනය කිරීමෙහිලා වතිකානුවට සහ සමස්ත ලෝකයටම උන්වහන්සේ ඉමහත් සේවාවක් ඉටු කර ඇත. ඔහුගේ තේජාන්විත ක්‍රියාවන් තුළ, ගෞරවනීය ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මඟ පෙන්වීම අපි දකිමු.

එසේම ක්‍රිස්තියානි ආගමික නායකයෙකු ලෙස සාමය සහ ජාත්‍යන්තර සමගිය ශක්තිමත් කර උදෙසා ගැටලු රාශියක් ඔහු විසින් විසඳා ඇත. ගෞරවනීය පාප් වහන්සේගේ අභාවය ලොවම කම්පනයට පත් කර ඇත.

“ශ්‍රී ලංකාවේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ජනතාවට, වතිකානුවට සහ ලෝක සාමයට ගරු කරන සියලුම ලෝකවාසී ජනතාවට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමු” යැයි ශ්‍රී ලංකා සර්ව ආගමික නායකයන් සඳහන් කළහ.