NEWSNOW| – ඩෑන් ප්‍රියසාද් ඊයේ (22) රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඔහු ඊයේ රාත්‍රීයේම මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවද පසුව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
අද(23) උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.
වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්’ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
මූලික විමර්’ණවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්’ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව වාර්තාවේ.
වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.