සිරි දළදා වන්දනාවට ජන ගඟක් ගලා එයි

0
32

NEWSNOW | – දෙවන දිනට “සිරි දළදා වන්දනාව” අද (19) පස්වරු 05.30ට අවසන් කෙරිණි.

අද දහවල් 12.00ට ආරම්භ වූ  “සිරි දළදා වන්දනාව” දෙවන දිනයේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් රැස් ව සිටියහ.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දළදා මාලිගයට ඇතුල් වීමට ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දී තිබෙන අතර එම මාර්ග තුනේම අතුරු සිදුරු නොමැතිව සැදැහැවතුන් පැමිණ සිටියහ.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් වන්නේ ආගමික සහජීවනය ප්‍රදර්ශනය කරමින් මෙලෙස පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා අවශ්‍යය වැසිකිලි පහසුකම් වෙනුවෙන් මහනුවර නගරය ආසන්නයේ පිහිටි සියළුම මුස්ලිම් පල්ලි වල පහසුකම් සලසා තිබෙන බව අප වාර්තාකරුවන් පවසයි.