NEWSNOW| –
හිටපු බුද්ධි අංශ ප්‍රධානි මාහිල් ඩෝල් විසිනි
2019 අප්‍රේල් 21 වන දින සිදු කරන ලද ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරයේ හයවන සැමරුම් දිනය ළං වෙමින් තිබේ. එනමුත් එම ප්‍රහාරය තවමත් නිරාකරණය නොවු අභිරහස්කවම පවතී. තවමත් එම මිලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු අපරාධකරුවන් සොයා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර මෙම පරිපාලනමය අක්‍රීය බව පිටුපස දේශපාලන හස්ත ක්‍රියාත්මක බවටද චෝදනා නැගෙමින් තිබේ. මෙහි ප්‍රතිවිපාකයක් ලෙසින් දුරස් වු ජන කොටස්වල විරසකයද එලෙසින්ම පවතිය.
වසර හයකට පෙර අප්‍රේල් 21 වන දින, කිතුනු දහමේ සුවිශේෂී දිනයක් වන ‘පාස්කු ඉරිදා දිනය’ මරමින් සිටි කතෝලික බැතිමතුන් සහ කොළඹ තරු පහේ හෝටල්වල උදෑසන ආහාරය ගනිමින් සිටි විදේශිකයන් ඉලක්ක කර ගනිමින් දිවයින පුරා කිහිප තැනකම දරුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් මුදා හැරි ආකාරය අප කිසිවෙකුට අමතක කළ නොහැකිය. එමගින් ඇති වුනු මානසික, දේශපාලනික සහ වාර්ගික දෝංකාරය අද දක්වාම අපගේ සිත්වල රැව්පිළිරැව් දෙමින් තිබේ.
ජනාධිපති කොමිෂන් සභා සහ කමිටු ඇතුලු දෙස විදෙස් පරීක්‍ෂණ සහ විමර්ශන ගණනාවක්ම සිදු කරන ලද නමුත් සිද්ධිය සම්බන්ධ සත්‍යයයේ යම් යම් කොටස් හැර තවමත් සම්පුර්ණ සත්‍යය හෙළිදරව් කර ගන්නට රජයට හැකිවී නොමැත. ඇතැම් කරුණු තහවුරු වී ඇති අතර තවත් ඒවා පරස්පර විරෝධීය. මෙවන් තත්වයක් නිසා මෙම දැවැන්ත ඛේදවාචකය විමර්ශනය කිරීමේ කාර්යය භාරව සිටින අයගේ අවංක අරමුණු සහ විශ්වාසනීය බව ගැන බරපතල සැකයන් මතුව ඇත.
සැලසුම් සහගත ව්‍යසනයක්ද? නැත්නම් රජයේ අකාර්යක්ෂමතාවයක්ද?
කාලයාගේ ඇවෑමෙන් වඩාත් පැහැදිලිවී තිබෙන කරුණක් නම් උක්ත ප්‍රහාරය වනාහී කවුරුත් සිතනවාට වඩා අතිශය සංකීර්ණ හා ඉහළ තැන්වල අනුග්‍රහය ලැබුණු කුරිරු කුමන්ත්‍රණයක් බවයි.
ප්‍රහාර මාලාවෙන් වාසි ලැබුවන් යැයි සිතිය හැකි අය පසුව මතු වූ අතර, ඉහළ තැන්වල වැජඹෙන තවත් ඇතැමුන් මෙම සිද්ධිය නොදුටුවා සේ සිටීම නිසා මෙහි ඔවුන්ටත් හවුලක් තිබේදෝය යන සැකය අති කර තිබේ.
හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු ලෙසින් මාගේ දෘශ්ඨි කෝණයට පෙනෙන විශ්මය දනවන කරුණක් නම් ප්‍රහාරය වැළැක්වීමට පියවර ගත හැකි තොරතුරු සහ හෝඩුවා අප්‍රමාණ සංඛ්‍යාවක් ඊට පෙරම ලැබී තිබීමයි. සිද්ධියට පෙරම දෙස් විදෙස් බුද්ධි සේවා මෙය ගැන රජයට අනතුරු ඇඟවුහ. එනමුත් වගකිව යුතු කිසිවෙකු එය වළක්වන්නට පියවර ගත්තේ නැත. මෙයට හේතුව නිලධාරි මට්ටමේ අකාර්යකෂමතාවයද, ඔවුන්ට වැටකඩුළු දැමීමද, ආයතන අතර කඹ ඇදිල්ලද, නැත්නම් සිතාමතා අහක බලාගැනීමක්ද?
ප්‍රහාර මාලාව සැලසුම් කිරීම සහ මෙහෙයවීමට විදෙස් බලවේගවල සහය තිබුණේ යැයි විශ්වාස කිරීමට ප්‍රබල හේතුන් තිබේ. මෙම හේතුන් මගින් ඇඟවෙන්නේ අපරාධකරුවන්ට අපගේ අභ්‍යන්තර දුර්වලතා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පමණක් නොව මෙවැනි ප්‍රහාරයක් සඳහා වන මෙහෙයුම් කාර්යක්‍ෂමතාවයද තිබුණු බවයි.
වැළැක්වීමේ එකදු පියවරක් නොගනු ලදුව මෙවන් සංකීර්ණ එමෙන්ම බහු පාර්ශ්වික ප්‍රහාරයක් සිදු කරන ලද්දේ කෙසේද යන කරුණ මෙය සැබවින්ම වළක්වා නොගත්තේ ඇයිද යන ප්‍රශ්නය මතු කරයි.
දැඩි විමසුමට ලක් වු බුද්ධි අංශ ආයතන
සිද්ධියට පෙර බුහුමනට ලක්ව තිබුණු නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ ආයතන පසුව මහජනතාව විසින් දැඩි ලෙසින් විවේචනය ලක් කළ ආකාරය අපි දුටුවෙමු. මෙම ආයතනවලට එරෙහිව සිදු කරනු ලබන සමහර චෝදනා සාධාරණ වන අතර තවත් ඇතැමක් සාධාරණ නොවේ. කෙසේ වෙතත් සමස්තයක් ලෙසින් මෙම චෝදනා අපගේ ආරක්ෂක ආයතන ඇතුලත මෙන්ම ඒවා අතර විශ්වාසය හා සහයෝගීතාවය ප්‍රශ්නාර්තයකට ලක් කර ඇත. වඩාත් හානිකර දෙය නම් එය බුද්ධි අංශ දේශපාලනීකරණය කරමින් දේශපාලන ක්‍රියාකාරීන් විසින් මෙහෙයවනු ලබන හෝ බාධා කරනු ලබන ආයතනික තීරණ වෙනුවෙන් හේතු දැක්වීමේ අපහසු තත්වයකට අදාල නිලධාරීන්ව පත් කර තිබීමයි.
මෙම ආයතන සහයෝගයෙන් කටයුතු කිරීමට අසමත් වූයේ කෙසේද සහ ඇයි යන්න පිළිබඳව අපක්ෂපාතී, දේශපාලනික නොවන පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වීමේ දැඩි අවශ්‍යතාවයක් දැන් පැන නැගී ඇත. මෙසේ සිදු වුයේ ක්‍ෂේත්‍රවල බලාධිකාරිය සඳහා වන අභ්‍යන්තර ගැටුම්, පමණ ඉක්මවු උද්යෝගය, නිසි කඩිසරකමක් නොමැතිකම ආදිය නිසාද? නැතිනම් දේශපාලන බලධාරීන් ඉදිරියේ ඔවුන්ගේ ගැති බව පෙන්වීමට ගත් උත්සාහයන් නිසාද? කෙසේ හෝ වේවා යුක්තිය ඉටු කිරීමට නම්, එක් එක් අය මත වරද පැටවීම නතර කර සහ තරා තිරම නොබලා ක්‍රමානුකූලව නිවැරදි ප්‍රශ්න ඇසීමට පටන් ගත යුතුය.
නෛතික පමාව සහ ලත වන යුක්තිය
ලදඑවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට 2023 වසරෙහි ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර වින්දිතයන්ට වන්දි ගෙවන මෙන්ද නියෝග කළේය. එනමුත් අනෙකුත් වැදගත් ක්ෂේත්‍රවල නීතිමය ක්‍රියාවලිය ඇණහිට ඇත. සැකපිට අත්අඩංගුවට ගනු ලැබු කිහිප දෙනෙකු තවමත් නඩු විභාගයකින් තොරව රැඳවුම් භාරයේ පසුවන අතර ප්‍රධාන නඩුව විභාගයට ගැනීම නොකඩවා ප්‍රමාද වෙමින් තිබේ. ආණ්ඩු වෙනස්වීම්වලින් පසු මේ සඳහා වන දේශපාලන කැමැත්ත බොහෝ දුරට අඩපණවී ඇත. විමර්ශනද නව දිශාවලට යොමු වෙමින් තිබේ. ඇතැම් ප්‍රධාන සැකකරුවන්ව වගවිය යුත්තන්ය යැයි ප්‍රකාශ කිරීම වෙනුවට බලයේ සිටින්නන් ඔවුන්ව ආරක්ෂා කිරීමට සැලසුම් කරන බවක්ද පෙනේනට ඇත.
මේ අතර, වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වන්දි සඳහා සහ සත්‍යය සඳහා මෙන්ම මෙහි අවසානයක් දැකීමට බලා සිටිති. යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් යැයි කියනු ලැබේ. මෙම නඩුවෙහි නම් යුක්තිය පමණට වඩා ප්‍රමාද වී ඇති බව කිව යුතුය.
තවමත් දුක්වන සහ අසහනයේ පසුවන පල්ලිය.
කෙසේ වෙතත් යුක්තිය ඉල්ලමින් කරන බල කිරීමෙහි මැල්කම් රංජිත් අගරදගුරුතුමන් හෝ කතෝලික පල්ලිය පසුබට වී නැත. විනිවිදභාවය සහ වගවීම ඔවුන් නොකඩවා අවධාරණයෙන් ඉල්ලා සිටින අතර, මෙම සැහැසි ප්‍රහාර මාලාව සිදුවීමට ඉඩ දුන් ආයතනික නොහැකියා හඳුනා ගන්නා ලෙස දෙස් විදෙස් බලකිරීම්ද නොනවත්වා නැගෙමින් පවතියි.
වින්දිතයන් වෙනුවෙන් සිදුකරනු ලබන වෑයම තවත් වේදනාකාරී යථාර්ථයක් ඉස්මතු කර තිබේ. එනම් මෙම විෂයයෙහි ඒකාබද්ධ ජාතික ප්‍රතිචාරයක් නොමැතිකමයි. එක්ව ශෝකය ප්‍රකාශ කිරීම සහ සංහිඳියාව දක්නට තිබුනද, අනෙක් අතට ප්‍රහාර මාලාවෙන් පසු වසර ගණනාවක් ගතවී ඇති තත්වයක පවා, සැකය සහ අගතිය පාලනයකින් තොරව වර්ධනය වෙමින් පවතින නිසා ජනකොටස් තව තවත් දුරස් වෙම්න් සිටිති. ජනකොටස් අතර ගැඹුරු වෙමින් පවතින විරසකය පාස්කු ප්‍රහාර මාලාව අහිංසක බැතිමතුන් පිරිසක් ඝාතණය කර දැමීමට වඩා වැඩි හානියක් මෙරටට සිදු කළ බව පිළිගත යුතුය. එම ප්‍රහාර මාලාව අප රටේ සමාජ ව්‍යුහය සුනු විසුනු කර දැමීය. බෝම්බකරුවන්ගේ අනන්‍යතාවය හේතුවෙන් සැකයට ලක්වු ලාංකික මුස්ලිම් ප්‍රජාව, ප්‍රසිද්ධියේම අපකීර්තියට පත්ව සිටිති. කෝවිඩ් නිසා අභාවයට ගිය මුස්ලිම්වරුන් -ඔවුන්ගේ ආගමික චාරිත්‍රානුකූලව භූමදානය කිරීමට අවසර දෙනු වෙනුවට- ආදාහනය කළ යුතු යැයි රජය බලකිරීමද උක්ත ප්‍රහාරයට ඔවුන්ගේ සමස්ත අනුග්‍රහය ඇතය යන සැකය නිසා හටගත් ක්‍රෝධය නිසා ගත් අපහාසාක්මක පියවරක් යැයිද විශ්වාස කරනු ලැබේ. එසේ ගනු ලැබු තීරණය විද්‍යාත්මක කෝණයෙන් පවා වැරදි සහගත යැයි පසුව සනාථ වුවද විධිමත් සමාවක් හෝ වන්දි ගෙවීමක් රජය විසින් සිදු කර නැත.
රජය විසින් අනුමත කරන ලද එවැනි අසංවේදී පියවර මෙරට සුළුතර ජනකොටසක් කොන්කරීමට හේතු වු අතර එය රජයේ මානව හිමිකම් වාර්තාවට අපකීර්තියක් ගෙන දී ඇත. එපමණක් නොව එය පක්‍ෂග්‍රාහි යුක්තිය සහ බහුතරය පිනවන දේශපාලන මතවාදය පිළිබඳ කණස්සල්ලද ඇති කර තිබේ.
අවශ්‍යව ඇත්තේ දේශපාලනය නොව දේශපාලන කෙරුවාවයි
පාස්කු ඉරිදා සංහාරයේ හයවන සංවත්සරය ළං වෙමින් තිබෙන මෙම මොහොතෙහි, වත්මන් අභිනව රජය ඓතිහාසික වගකීමකට මුහුණ දී සිටී. දේශපාලන වාසි හෝ අපගමනය සඳහා මෙම ගැටලුව භාවිතා කිරීමට ඇති පෙළඹවීම එය කෙසේ හෝ යටපත් කර ගත යුතුය. ඒ වෙනුවට, වැරුද්ද නිවැරදි කිරීමට, මහජන විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට සහ එවැනි අඩුපාඩු නැවත කිසිදා සිදු නොවන බවට සහතික වීමට මෙම රජය ශක්තිමත් දේශපාලන කැමැත්තක් ප්‍රදර්ශනය කළ යුතුය.
වින්දිතයින්ට වන්දි ගෙවීම සහ කොමිෂන් සභා වාර්තා ප්‍රකාශයට පත් කිරීමට වඩා වැඩි යමක් මෙයට ඇතුළත් වෙයි. මෙහි අරුත වන්නේ විශ්වාසනීය, ද්විපාර්ශ්වික සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ බුද්ධි අංශ අධීක්ෂණය ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම නඩු පැවරීම් වේගවත් කිරීම ආදියයි. එසේම දිගු කලක් තිස්සේ ප්‍රමාද වී තිබූ ප්‍රතිසන්ධාන වැඩසටහන්ද නැවත ආරම්භ කළ යුතුය. මෙහි වැදගත්ම කරුණ නම් නිලධාරිවාදී වචන හරඹ හෝ දේශපාලන නිදහසට කරුණු පිටුපස සැඟවී නොසිට පසුගිය වකවානුවල සිදු වු අසාර්ථකත්වයන් අවංකව පිළිගැනීමයි.
දේශපාලන අරමුණු සඳහා ජාතික ආරක්ෂාව අවියක් ලෙස භාවිතා කිරීමටද අප තිත තැබිය යුතුය. අවිනිශ්චිතතාවයෙන්, එදිරිවාදිකම්වලින් හෝ දේශපාලන මැදිහත්වීම්වලින් අක්‍රීය නොවී, තර්ජනවලට එරෙහිව නොබියව හා ස්වාධීනව ක්‍රියා කිරීමේ බලය බුද්ධි අංශවලට රජය සහතික කළ යුතුය. එසේ නොවුවහොත්, ජාතික ආරක්ෂාවේ සමස්ත ව්‍යුහයම එහි ප්‍රතිවිරෝධතාවල බරින්ම බිඳ වැටෙනු නියතය.
මෙය අවසන් වතාව වේවා
පාස්කු ඉරිදා ඛේදවාචකය අපට ගැඹුරු ප්‍රතිසංස්කරණයක් සංහිඳියාවක් සහ කැළැල් සුව කිරීම සම්බන්ධ උත්ප්‍රේරකයක් මෙන්ම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වන්නට තිබුණි. ඒ වෙනුවට වුයේ කුමක්ද? එම ප්‍රහාර මාලාව අපගේ පද්ධති, ආයතන සහ සමාජයේ නටබුන් බවට පත්ව ඇත.
ඝාතණය වු කතෝලිකයන්, සංචාරකයින්, මුස්ලිම්වරුන් සහ එවන් සියලු ලාංකිකයන්ට අප සදා ණයගැතිය. මේ සැම වින්දිතයන් වන අතර ඔවුන්ව උත්සවාකාරයෙන් සිහිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. පාස්කු ප්‍රහාරය වැන්නක් නැවත කිසිදා සිදු නොවන බව සහතික කිරීම ඔවුන්ට කරන විශිෂ්ඨතම ගෞරවයයි. එහෙයින් හයවන පාස්කු ප්‍රහාර අනුස්මරණය තවත් එක් නාම මාත්‍ර චාරිත්‍රයක් පමණක් නොවිය යුතුය. එය සැබවින්ම සහ තීරණාත්මකව සත්‍යය, යුක්තිය සහ සංහිඳියාව සඳහා අප කැපවන මොහොත විය යුතුය.’
(කතෘ – ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේවසර 40 කට වැඩි කාලයක් සේවය කර ඇති අතර ත්‍රස්ත මර්දන – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියෙකුද වෙයි. එමෙන්ම ඔහු තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (ආරක්ෂක) ලෙසද සේවය කර ඇත. දැනට ඔහු ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලයේ සාමාජිකයෙකි.)