සූර්’ය පැනල විසන්ධි කිරීම ගැන දැනුම් දීමක්

0
25

NEWSNOW | – වහල මත සවිකර ඇති සූර්’ය පැනල හිමිකරුවන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් කරයි.

මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ අද (16) සිට කෙටි පණිවුඩයක් (SMS) ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3 දක්වා සූර්’ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බවය.

පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය ස්තූතිය පිරිනමන බවද එහි සඳහන් වේ.