අදත් බස් හා දුම්රිය ධාවනයේ අඩුවක්

0
19

NEWSNOW | –  අද (16) දිනයේත් බස් රථ ධාවනයේ සහ දුම්රිය ධාවනයේ විශාල අඩුවක් පවතින බව මගීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ සාමාන්‍ය කාල සටහන යටතේ අද(16) දිනයේද බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

නමුත් හෙට (17) සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අතුකෝරල මහත්මිය පැවසුවාය.

මේ අතර පස්වරුවේ කාර්’යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගම්බිම් බලාගිය ජනතාවගේ අවශ්‍යතාව මත හෙට (17) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.